Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව අප ගැන ප්‍රධාන කාර්යභාරය

ප්‍රධාන කාර්යභාරය

  1. බහුවිධ ප‍්‍රජා සහභාගිත්වය දිරිගැන්වීම උදෙසා බහුවිධ දේශපාලනය, ආගමික, වාර්ගික සමාජයික සහ දාර්ශණික නියෝජනයක් සඳහා ඉඩ ප‍්‍රස්ථා සලසා දීම මඟින් අසන්නාට බහුවිධ අදහස් සහ මතවාද දැනගැනීමට අවස්ථා සලසාදීම.
  2. ස්වාධීන අපක්ෂපාතී ගුවන් විදුලි සේවාවක් පවත්වාගෙන යාම සඳහා ඌව ප‍්‍රජා ගුවන් විදුලිය සංලේඛ්‍ය නිදහස ( Editorial Independence)   ක‍්‍රියාවට නැඟීම, සිය වැඩසටහන් මඟින් ඌව ප‍්‍රජා ගුවන් විදුලිය හුදෙක් සිය මතය ප‍්‍රකාශ කරීමෙන් වැලකී සිටීම.
  3. ප‍්‍රවෘත්ති සහ කාලීන තොරතුරු, සියළු මානයන් ආවරනය සේ පරිපූර්ණව, අපක්‍ෂග‍්‍රාහීව සහ සමතුලිතව ඉදිරිපත් කිරීම.
  4. අභිමතය පරිදි අවශ්‍ය ඹ්නෑම විෂයක් පාදක කර ගනිමින් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඌව ප‍්‍රජා ගුවන් විදුලියට අවකාශ ලැබීම.
  5. ආන්තික සහ සුළු ජන කොටස් ඇතුළු, සමාජයේ විවිධ කොටස් වල සහ කණ්ඩායම් වල අවශ්‍යතාවයන්ට අනුකුලව වැඩසටහන් ඉදිරිපත් කිරීම.
  6. පළාත් සහ ප‍්‍රාදේශීය සභා ඇතූළු ජනතාවට බලපාන තීරන ගන්නා ආයතනවල ක‍්‍රියාකාරකම් ප‍්‍රමානවත් සහ පරිපූර්න ලෙස ආවරනය කිරීම. සුදුසු පළාත් සභා රැස්වීම් සජීවීව ප‍්‍රචාරය කිරීම.
  7. අධ්‍යාපනික සහ ළමා වැඩසටහන් සඳහා ප‍්‍රමානවත් කලයක මිඩංගූ කිරීම.
  8. ජනප‍්‍රිය වැඩසටහන් මෙන්ම කූඩා ග‍්‍රාහක කන්ඩායම්වල අවධානයට පමණක් ලක්විය හැකි වැඩසටහන් ද ප‍්‍රමාණවත් ලෙස ඉදිරිපත් කිරීම.
  9. වැඩසටහන් මාතෘකා තෝරා ගැනීමට, නිෂ්පාදනයට, ඉදිරිපත්කිරීමට, හැකිසෑම විටම ප‍්‍රජාවට අවස්ථාව ලබාදීම. උක්ත ගණයේ වැඩසටහන් අවම වශයෙන් 30% ක් සිය වැඩසටහන් සඳහා අඩංගු කිරීමට ඌව ප‍්‍රජා ගුවන් විදුලිය කටයුතු කිරීම.
  10. වැඩසටහන් සහ අනෙකුත් ක‍්‍රියාකාරකම් නිරීක්ෂණයට ප‍්‍රජාවට අවස්ථාව සලසාදීම සඳහා සියළු වැඩසටහන් සහ ක‍්‍රියාකාරකම් නිරන්තරයෙන් අභිමන්ත‍්‍රණය කොට ඇගයීමකට ලක් කිරීමේ වැඩපිළිවෙලක් සකසා පවත්වාගෙන යාම.
  11. පුහුණු ස්වෙච්ඡා සන්නිවේදකයන් ලබාදෙන තොරතුරු අශ‍්‍රයෙන් දිනපතා, ප‍්‍රවෘත්ති සහ කාලීන තොරතුරු සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීම.
  12. වැඩසටහන් මාර්ග දර්ශක සන්නිවේදකයන් අතින් උල්ලංගනය වූ විට අසන්නන් ගෙන් ලැබෙන පැමිණිලි නොපමාව විභාග කිරීම.
 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1