Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව අප ගැන හැඳින්වීම

හැඳින්වීම

ඌව ප‍්‍රජා ගුවන් විදුලිය, ඌව පළාත් සභාවේත්, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේත්, යුනෙස්කෝ ආයතනයේ (UNESCO) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේත් (UNDP) දායකත්වයෙන් ඌව ප‍්‍රජාවට කැප කරන ලද දායාදයකි. ශ්‍රී ලාංකීය විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ ප‍්‍රථම වරට සන්නිවේදකයින් සඳහා මාර්ග දර්ශක නිර්මාණය කොට ක‍්‍රියාවට නැංවීමේ ගෞරවයද ඌව ප‍්‍රජා ගුවන් විදුලියට හිමිවේ. 2003 වර්ෂයේ දුරුත්තෙන් ඇරඹි ඌව ප‍්‍රජා ගුවන් විදුලිය වසර හතක 07 පමණ කාලයක් පුරා සිය අභිමතාර්ථ සාක්ෂාත් කිරීමට විවිධ කි‍්‍රයාමාර්ග ගනු ලැබීය. මෙම ප‍්‍රජා ගුවන් විදුලිය වැඩසටහන් විකාශනය කරනු ලබන්නේ ඌව පළාත් සභාවත්, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් අතර ඇති අවබෝධතා ගිවිසුමේ නියමයන්ට අනුවයි. එලෙසින්ම මෙහි කටයුතු සදහා ධවල පති‍්‍රකාවක්ද, ඌව පළාත් සභාව විසින් සම්මත කොටගෙන තිබේ.

ඥාණ සමාජ

මෙය හුදෙක් සාමාන්‍ය ගුවන් විදුලියක් ලෙස නොව ප‍්‍රජා ගුවන් විදුලියක් ලෙස ස්ථාපිත කිරීමටයි මූලික සංකල්පය වී තිබුණේ. ඒ අනුව ප‍්‍රජා ගුවන් විදුලියක මූලික ලක්ෂණ වන එහි අයිතිය, පරිපාලනය, වැඩසටහන් නිෂ්පාදනය යනාදීය ඌවේ ප‍්‍රජාව සිදු කල යුතු වුවත් පවතින නීතිමය රාමුව තුල ප‍්‍රජාව, අයිතිය හා පරිපාලනය සදහා දායක කර ගැනීමේදී ගැටලූ මතුවිය. එහෙයින් අවම වශයෙන් ප‍්‍රජාව වැඩසටහන් සදහාවත් සක‍්‍රීය ලෙස දායක කර ගැනීම උදෙසා ඌව පළාත පුරා ඥාණ සමාජ නම් වූ සංවිධාන ව්‍යුහයක් ස්ථාපිත කරනු ලැබීය. එවැනි ඥාණ සමාජ 168 ක් දිස්ත‍්‍රික්ක දෙක පුරා සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පිහිටුවා ඇත. එම ඥාණ සමාජ වලින් සිදු කරනු ලබන්නේ වැඩසටහන් නිෂ්පාදනය කිරීමේදී ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත්, ප‍්‍රවෘත්ති සදහා මූලික තොරතුරු රැස්කිරීමත්ය. ප‍්‍රවාහන පහසුකම් හා සන්නිවේදකයින්ගේ දීමනා ප‍්‍රමාණවත් නොවීම නිසා ඥාණ සමාජ වැඩපිළිවෙල මේ වන විට අකි‍්‍රය වී ඇත.

සන්නිවේදකයෝ
ඌව පළාත් සභාව මගින් සිදු කරනු ලැබු සම්මුඛ පරීක්ෂණ කිහිපයකින් පසු දෙමළ හා සිංහල සහන සන්නිවේදකයෝ බදවා ගත් අතර දැනට එවැනි සන්නිවේදකයෝ 12 දෙනෙක් සේවය කරති. එම සන්නිවේදකයන් සඳහා යුනෙස්කෝ ආයතනය මගින් විධිමත් පුහුණුවක් (දේශීය හා විදේශිය උපදේශකයින්ගේ) ලබා දී ඇත. මෙම සන්නිවේදකයන් කණ්ඩායම, නව තාක්ෂණය හා ගුවන් විදුලි මාධ්‍ය භාවිතය පිළිබදව විධිමත් පුහුණුවක් ලැබු ශ‍්‍රී ලංකාවේ පළමු  කණ්ඩායම වේ. ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය, ඉදිරිපත් කිරීම, සංස්කරණය, ප‍්‍රවෘත්ති ගවේශණය, තොරතුරු තාක්ෂණය භාවිතය, ගුවන් විදුලි තාක්ෂණික උපකරන හැසිරවීමේ දැනුම ආදී සියලූ අංශ පිළිබදව දැනුම සෑම සන්නිවේදකයෙකුටම ලබා දී තිබේ. සන්නිවේදකයින්ගේ කාර්ය වන්නේ ඌවේ ප‍්‍රජා ගුවන් විදුලියේ සංකල්ප සාක්ෂාත් කිරීම උදෙසා වැඩසටහන් නිෂ්පාදනයත්, ප‍්‍රජාවගේ දායකත්වය ලබා ගැනිමේ වැඩපිළිවෙල (ඥාණ සමාජ) පවත්වාගෙන යාමත්ය. මේ සදහා සෑම සන්නිවේදකයෙකුටම සම්බන්ධීකරණය කිරීම සදහා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හෝ කිහිපයක් ඇත. ඊට අමතරව ඒ ඒ සන්නිවේදකයින්ගේ කුසලතාවයන් හා ශක්‍යතාවයන් අනුව විවිධ වැඩසටහන් නිෂ්පාදනය කරනු ලබයි.  

 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1