Tamil-Sri LankaEnglish (United Kingdom)

පසුබිම සහ මෙහෙවර

දරිද්‍රතාව අඩු කිරීමේ සහ විශේෂයෙන්ම කෘෂිකාර්මික දියුණුව උදෙසා සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම සඳහා ඉහල ප්‍රජා දායකත්වයක් ලබාදීමට ඌව ප්‍රාදේශීය සභාව සමග සම්බන්ධව එ.ජා.ස.වැ. මූලාරම්භය තුලින් ඌව ප්‍රජා ගුවන්විදුලිය ස්ථාපනය කරනු ලැබීය. මෙම ආයතනය පවත්වාගෙන අදාළ බලපත්‍රය දරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා සම්බන්ධව ඌ.ප.ස. මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යයි. සවන්දෙන්නන් වෙනුවෙන් ගුවන්විදුලි කාර්යමණ්ඩලයට ද ‍සෘජුවම දේශීය ප්‍රජාවේ සාමාජිකයින්ට ද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතය පුළුල් කිරීම සඳහා ටෙලිමධ්‍යස්ථාන පහසුකම් ද එක් කරන ලදී. පළාත් සභාවේ ද සාමාජිකත්වය ඇතිව පළාත් ව්‍යාප්ත ජාලයක් ලෙස විශේෂයෙන්ම සංවර්ධනය සහ පාලනය සම්බන්ධයෙන් මහජන සේවා වැඩිදියුණු කිරීමටත්, තොරතුරු ගලායාම පහසු කිරීමටත් ප්‍රජා මාධ්‍ය මධ්‍යස්ථාන සැලසුම් කර තිබේ. දේශීය ‍ෙතාරතුරු තාක්ෂණ සමාජ සමග සහයෝගිත්වය ඇතිව ටෙලි මධ්‍යස්ථාන පහසුකම් ක්‍රියාත්මක වේ.

 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1