Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව වෙනත් තොරතුරු පිහිටීම හා සම්බන්ධතාවය

පිහිටීම හා සම්බන්ධතාවය

ප්‍රජා මාධ්‍ය මධ්‍යස්ථානයෙහි පහසුකම් දෙකක් ඇත. බණ්ඩාරවෙල ගුවන්විදුලි විකාශනාගාර සමග ස්ථානගත ටෙලි මධ්‍යස්ථානයක් සහ ප්‍රධාන මාර්ගයෙන් කි.මී. 50 පමණ දුරින් පිහිටි බුත්තල ස්ථානගත චන්ද්‍රිකා ටෙලිමධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ සිට ආසන්න වශයෙන් කි.මී. 200 දුරක් සහිත දිවයිනේ මධ්‍යම කඳුකරයේ දකුණු කෙළවරේ බණ්ඩාරවෙල පිහිටා තිබේ. මීටර් 1200 ක උන්නතාංශයක පිහිටි බණ්ඩාරවෙල FM විකාශන සඳහා වඩාත් උචිත ස්ථානයක් වන අතර එම මධ්‍යස්ථානයේ සංඥා යාබද පළාත් වල ප්‍රදේශ වලටද ශ්‍රවණය වන බැවින් මිලියනයකට අධික ශ්‍රාවක පිරිසක් කරා යොමු වේ.

 

ඌව පළාත ලංකාව දුප්පත්ව එමෙන්ම අවම සංවර්ධනයක් ඇති පළාත වේ. එහි භූගෝල විද්‍යාත්මක විවිධත්වයක් ඇති අරත බණ්ඩාරවෙල වැනි තේ වගාවට සහ දේශීය මෙන්ම විදේශීය සංචාරක කර්මාන්තයට ප්‍රකට කඳුකර ප්‍රදේශ වලින් ද ප්‍රමුඛ ජීවනෝපාය වශයෙන් වී වගාව විශේෂ කොට ඇති සුළු පරිමාණ කෘෂිකර්මාන්තය කෙරෙන බුත්තල වැනි වියලි කලාපීය තැනිතලා භූමි වලින් ද සමන්විත වේ. බුත්තල මෙන්ම බණ්ඩාරවෙල ද සාපේක්ෂව විශාල නගර වන අතර පළාත් රාජ්‍ය සේවකයන්ට ගුරුවරුන්ට සහ සෞඛ්‍ය වෘත්තීකයින්ට ප්‍රජා මාධ්‍ය මධ්‍යස්ථානයේ අවශ්‍යතාව පිළිබඳ වැදගත්කම ඉහළ යමින් පවතී.

 

කොළඹ පිහිටි රාජ්‍ය ගුවන්විදුලියෙන් සහ රූපවාහිනි සේවාවන්ගෙන් ද, සහ ජාතික පුවත්පත් වලින් මෙන්ම වැඩසටහන් සැපයෙන් වානිජ ගුවන්විදුලියෙන් ද ඌව පළාතට සේවා සැපයේ. ඌව සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලි සේවාවන් පළාතට පමණක් සීමාවන ප්‍රජා මාධ්‍ය වේ.

 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1