Tamil-Sri LankaEnglish (United Kingdom)

ජයග්‍රහණ

  • ඌව ප්‍රජා ගුවන් විදුලියේ අයිතිය, ග්‍රාමීය මට්ටමේ දැනුම් සමාජ ජාලය ඔස්සේ ප්‍රජාව අතේම රඳවා තැබීමට අපේක්ෂා කර ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ ඌව ප්‍රජා ගුවන් විදුලිය සුවිශේෂ ස්ථානයක් දරයි.  පළමු විකාශන වර්ෂයේදී මෙම මධ්‍යස්ථානය තීරණාත්මක නව ප්‍රමිතීන් ඇති කළ අතර අභියෝගාත්මක සහ මතභේදාත්මක වැඩසටහන් සමග මහජනයා හා සංවර්ධනය ඉලක්කගත ජනසන්නිවේදනය, ආකර්ෂනීය දෙමළ විකාශන ප්‍රමාණයක් සහ ඉහල ප්‍රජා දායකත්වයක් ඇති කරනු ලැබීය. විවිධ අභියෝගවලට මුහුණ දෙමින් වුව ද CWC අඛණ්ඩව අසහාය සේවයක් පිරිනමන අතර එය සතු විභව ශක්තිය ද සුවිශාලය.

  • ඩිජිටල් නිෂ්පාදන පහසුකම් සහ ජාලගත ටෙලිමධ්‍යස්ථාන පහසුකම් අනුව ඌව CWC දිවයිනේ තාක්ෂණිකව වඩාත්ම දියුණු ගුවන් විදුලි මධ්‍යස්ථාන අතරට ගැනේ.

  • විශේෂයෙන්ම බුත්තල සහ දුරබැහැර ප්‍රදේශ වල ව්‍යාපාරික සහ සිවිල් සමාජයට CWC වැදගත් වත්කමක් ව තිබේ. මෙම කණ්ඩායම් තම පරිගණක ධාරිතාව ඉහළ නංවා ඇතිවා පමණක් නොව කාලය සහ මුදල් ඉතිරි කරන අඩු වියදම් තො.ස.තා. පහසුකම් ද ලබාගෙන තිබේ.

  • මෙම ටෙලිමධ්‍යස්ථාන පහසුකම් ප්‍රජා පාදක සංවිධාන මගින් පාලනය වන අතර මේ දක්වා එම මධ්‍යස්ථාන පවත්වා ගෙන ඒමට ආධාර වූ ගොඩනැගිලි පළාත්බද තීරණ ගැනීම් මගින් උපයාශීලී සැලසුම් ක්‍රම මගින් ද විනිවිදභාවයෙන් හා වගකීම්භාවයෙන් යුක්ත වූද අයුරින් ගොඩනගා ගෙන තිබේ.
 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1