ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 69 ඒ රාවණා ඇල්ල ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.
බණ්ඩාරවෙල සිට ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරය පසු කර කි.මී 1 දුරින් හමු වන 16 කණුව අසළින් දකුණට ඇති පටු මාර්ගයේ කි.මී 1 ½ ක් පමණ දුරින් මෙම ස්ථානය හමු වේ.
උස් කඳු බෑවුමක ගල්ලෙනක් තුළ පිහිටා ඇති මෙම විහාරය ක්‍රි.පු.2 වන සියවසේ වළගම්බා රජු දවස ආරම්භ කරන ලද්දක් බව ජනප්රවාදයේ කියැවේ. කටාරම් සහිත ගල්ලෙන හා සිතුවම්, මුර්ති මහනුවර යුගයට අයත් ලක්ෂණ ප්‍රකට කරයි.
ලෙන් විහාරයේ ඇති සිතුවම් අතර ගල්වියනේ ඇති පැරණි තුනී බදාමය මත අඳින ලද කවාකාර නෙළුම් මල් මෝස්තර, ලියවැල් හා මල්වැල් මෝස්තර වේ. මෙහි ඇති මූර්ති පැරණි ඒවා වුවත් ඒ මතුපිට නවීන වර්ණ ආලේප කර ඇත. ලෙන ආවරණය වන ලෙස පැවති පැරණි බිත්ති හා එම උළු සෙවිලි කළ පියස්ස දුර්වල වීම නිසා නවීකරණය කොට ඇත.
සුප්‍රකට රාවණා ඇල්ල ගල් ලෙන මේ ආසන්නයේ පිහිටා ඇති අතර අවස්ථා කීපයකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කැණීම් කොට ඇති අතර වසර 25000 ක් පමණ පැරණි මානව සාධක හමු වී ඇත.






