ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බදුල්ල ග්‍රාමයේ පිහිටා ඇත.
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල අසළ මෙය දක්නට ලැබේ.
1818 උඩරට ගිවිසුමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගරයේ සාදන ලද වෙළඳ මධ්‍යස්ථානය මෙය ලෙස හඳුනාගෙන තිබේ. 1889 දී ඉදි කරන ලද මෙම වෙළඳ පොළ වෙල්යායක් ඉස්මත්තේ ඉදි කර ඇති බැවින් ‘වෙලේකඩේ’ ලෙස ප්‍රසිද්ධ වී ඇත. මෙම ගොඩනැගිල්ල ලී ආරුක්කු සහිතව ඉදි කර තිබී ඇති අතර එයින් ආරුක්කු කීපයක් ශේෂව තිබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. British Architecture in Sri lanka නම් ග්‍රන්ථයේ මෙම ස්ථානය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහන් වේ. අෂ්ටාශ්‍රාකාර මැද මිදුලක්, ඇතුල් වීමේ දොරටු 04 ක් හා කුරුසාකාර අංගන 04 ක් ද මුදුන් වහළය සහ පහත වහළ සහිතව මෙම ගොඩනැගිල්ල නිර්මාණය කොට තිබේ. ලංකාවේ ඉදිකළ ප්‍රථම නිදහස් වෙළඳ ගොඩනැගිල්ල ලෙස සැලකේ. මෙම ගොඩනැගිල්ල සහ ආසන්න ගොඩනැගිලි කුරුසයක හැඩයට ඉදි කර තිබෙනු දක්නට ලැබේ. මෙහි පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම සුරැකෙන පරිදි සංරක්ෂණය කර ඇත.






