මුල් පිටුව පිහිටීම් රිදීමාලියද්ද නාගදීප විහාරය

රිදීමාලියද්ද නාගදීප විහාරය

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්ක‍යේ රිදීමාලියද්ද  ප්‍රා‍දේශීය ‍ලේකම් ‍‍කො‍ට්ඨාශයට අයත් බදුල්ල බින්තැනි ‍කෝරළ‍යේ උරණීය ග‍‍මේ පිහිටා ඇත.

ජනප්‍රවාදයට අනුව ඉතා ඈත අතීතයකට හිමිකම් කියන ‍මෙම ස්ථානයට ‘නාගදීප’ යන නම ලැබුණු ආකාරය පිළිබඳ මත ති‍බේ. එක් මතයකට අනුව නාගදීප‍‍යෙන් පැමිණි ස්ථවිරයන් කෙ‍‍නෙකු ‍‍‍‍‍මෙහි වැඩ සිටීම නිසා ‍මෙම නම ලැබී ඇත. දෙවැන්න බුදුන් ලංකාවට වැඩි ‍තෙවතා‍වෙන් එක් වතාවක් මෙම ස්ථානයට වැඩම කළ බවයි.

‍මෙම ස්ථානයේ පෞරාණිකත්වය පිළිබඳ සාධක ‍‍සෙවී‍‍මේ දී ස්ථාන‍යේ ඇති ලිපියක අක්ෂර අනුව 6-7 ශත වර්ෂයට අයත් විය හැකි බව විශ්වාස ‍කෙ‍රේ. එ‍තේ 9-10 ශත වර්ෂවලට අයත් ටැම් සහ ආසන ලිපි ද ‍මෙහි හමු වී ඇත. අතීත විස්තරවල එන එක් මතයකට අනුව ක්‍රි.පූ.2 ශත වර්ෂ‍යේ පමණ දුටුගැමුණු රජු‍‍ගේ හමුදාව මාගම සිට මහියංගනයට ගිය මාර්ග‍‍යේ ‘උරණීය’ යන්නද සඳහන්ව තිබු බව පිළි ගැ‍නේ.

බුබ්බුලාකාර ආකෘතියකට නිම වුණ ගරා වැටුණු දාගැබක් ‍‍මෙහි දක්නට ලැ‍‍‍බෙන අතර එය ඉදිරිපස නටබුන් වු විහාර ‍‍ගෙයක් ද ‍‍වේ. පැරණි ග‍‍ඩොල් සහ ගල් කණු ‍මෙන්ම ‍‍දේවාලයක් යැයි විශ්වාස කළ හැකි ‍ගොඩනැගිල්ලක සලකුණු හමු ‍වේ. අතීත‍‍යේ විහාර සංකීර්ණයක් ‍‍‍මෙහි ති‍‍බෙන්නට ඇතැ අනුමාන කල හැකිය. පුරාවිද්‍යා ‍දෙපාර්ත‍‍‍මේන්තුව මඟින් ආරක්ෂිත ස්මාරකයක් ‍‍‍ලෙස ප්‍රකාශයට පත් ‍කොට ඇත.