ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.
බදුල්ල සිට පතහවත්තට යන මාර්ගයේ සැතපුම් 04 ක් පමණ දුරින් මෙය හමු වේ.
මෙහි ඇති පැරණිම ස්මාරකය ලෙන් විහාරය වන අතර, කටාරම් කොටන ලද ලෙනෙහි ඉදිරිපස සෙවිලි කළ පියස්සක් තනා මැටි බිත්ති වලින් ආවරණය කොට විහාර ගෙය නිර්මාණය කොට ඇත. ප්‍රවේශ දොරටුව දෙපස මකර තොරණ සහ දොරටුපාල රූප දක්නට ලැබේ. ලෙන් විහාරය ඇතුළත සැතපෙන බුදු පිළිමයක් දක්නට ලැබේ. බ්ත්ති සියල්ල සොළාස්මස්ථාන, සත්සතිය, සුවිසි විවරණය වැනි බෞද්ධ සංසිද්ධීන් ඇතුළත් සිතුවම්වලින් අලංකාර කොට ඇත. වියන් සිතුවම් සඳහා නෙළුම් මල් රටාව සහ හංස පුට්ටු සිතුවම ඇඳ දක්වා තිබේ. ප්‍රවේශ දොරටුවේ වෙස්සන්තර ජාතක කතාව සහ අනෙක් බිත්ති වල දේවාරාධනා සිතුවම් දක්නට ලැබේ. මෙහි ඇති බුද්ධ ප්‍රතිමා සහ සිතුවම් මහනුවර යුගයේ කලා ලක්ෂණ ප්‍රකට කරයි.
ලෙන් විහාරයට නව අංග වශයෙන් සංඝාවාසයක්, ධර්මශාලා ගොඩනැගිල්ලක් යන අංග එක් වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.