මුල් පිටුව පිහිටීම් රුවන්වැලිසෑය

රුවන්වැලිසෑය

ශ්‍රී මහා බෝධියට උතුරු දෙසින් පිහිටි මෙම දාගැබ දුටුගැමුණු රජු විසින් ඉදිකරවන ලද බව මහා වංශයේ දැක්වේ. සාහිත්‍ය ග්‍රන්ථවල රත්නමාලී මහාසෑය, ස්වර්ණමාලී හා රුවන්වැලි යන විවිධ නම් වලින් හැඳින්වෙන මෙහි සර්වඥධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ නිධන් කොට ඇති නිසා මහාතූපය ලෙසද ප්‍රසිද්ධව පවතී බුදුන් පරිභෝග කරන ලද ස්ථානයක් ලෙසද මිහිඳු හිමි පෙන්වා දි ඇති ස්ථානයකි.

ඒ හැර මහා විහාර සංකීර්ණය තුළ රංසිමාලකය, චතුස්සාලාව, ඡන්තාඝර පොකුණ, කුඡ්ඡතිස්ස ස්ථුපය, පංචාවාස පිරිවෙන්, ඇතුළු නටඹුන් ස්මාරක රැසක් දක්නට ඇත.