පුත්තලම සිට අනුරාධපුර මාර්ගයේ සැතපුම් දෙකක් පමණ ගිය විට හමුවන සේන කුඩ්ඩිරිප්පුව නම් ග්‍රාමයේ මෙම දෙව් මැදුර පිහිටා ඇත. එහි සඳහන් පරිදි දෙව් මැදුර ආරම්භ කර ඇත්තේ ක්‍රි.ව. 1830 වර්ෂයේදීය. භූමියේ ඇති ස්මාරක අතරින් දෙවි මැදුර, දේවගැති නිල නිවාසය, ඝණ්ඨාර කූළුණ සහ සුරුවම පැරණි ස්මාරක ලෙස හදුනාගෙන තිබේ.