Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව වැඩසටහන්

වැඩසටහන්

මැති ඇමති සහ රජයේ නිලධාරි හමුව  ඉරිදා 9.30 - 10.30
ඉහත පාර්ශවයන්ගේ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමත්, ඒ සදහා ජනතා අදහස් හා යෝජනා ලබා ගැනීමත්, මහජනතාවගේ අදහස් හා යෝජනා සෘජුවම මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරින් වෙත යොමු කිරීම මෙහි අරමුණයි.

ප‍්‍රවෘත්තිමය වැඩසටහන්
ජනනාද පුවත් සගරාව සෑම දිනකම උදේ 7.00 - 7.30 ඌව පළාතේ සිදුවන විවිධ සිදුවීම් වාර්තා කිරීම.
පුවත්පත් කියවමු සෑම දිනකම උදේ 8.30 - 9.00  දිනපතා පුවත්පත් වල ප‍්‍රධාන සිරස්තල හා ඌවට අදාල ප‍්‍රවෘත්ති.

කෘෂිකාර්මික වැඩසටහන්
නව බීජ වර්ග, නව වගා ක‍්‍රම, කාබනික පොහොර භාවිතය, ව්‍යාජ මත, නිවැරදි ක‍්‍රම සහ නිවැරදි භාවිතයන් පිළිබද විමසන වැඩසටභන

අන්තර්ජාල වැඩසටහන්
තොරතුරු තාක්ෂණය පිළිබදවත්, විශ්වයේ කාලීන තොරතුරු ඇතුලත් වැඩසටහන.

සාහිත්‍ය වැඩසටහන්
තෙවැනි ඇස - විවිධ සාහිත්‍ය අංග පිළිබද විමර්ෂණය, විද්වත් සාකච්ජාව
මා කියවූ හොදම නවකතාව, බැලූ හොදම චිත‍්‍රපටිය, ඇසූ හොදම ගීතය පිළිබද විමසුම
ඌවේ කිවිදියන්ගේ නිර්මාණ ඇගයීමට ලක් කරන කවිමල් විල
කවිමඩුව -  කාලීන මාතෘකාවන් පිළිබද කාව්‍යමය සාකච්ජාව

සෞඛ්‍ය වැඩසටහන්
සෞඛ්‍ය පණිවිඩය සෑම දිනකම උදෑසන ප‍්‍රචාරය වේ.
වෙද හමුව - විශේෂඥ වෛද්‍යවරයෙකු සමග කරන සාකච්ජාමය දැනුවත් කිරීම ඉරිදා උදෑසන 11.00 - 11.30

සංස්කෘතික වැඩසටහන්
පුදබිමෙන් පුදබිමට - ඌව පළාතේ  ඓතිහාසික පූජා භූමියක් පිළිබද ගවේසණය සෑම පොහෝ දිනකම රාත‍්‍රී 7.30 ට.
සෑම පොහෝ දිනකම විහාරස්ථාන දෙකක හෝ කිහිපයක සිට සජීවීව සියලූ වතාවත් සහ ධර්ම දේශනා ආදී ආගමික වැඩසටහන්.
කතෝලික වැඩසටහන දෙසතියකට වරක් සිකුරාදා
මුස්ලිම් හා හිංදු සංස්කෘතික දිනවලදී විශේෂ වැඩසටහන්

ළමා වැඩසටහන්
පුංචි කැකුලූ ඉරිදා 4.00 - 5.00
ළමා වැඩසටහන ඉරිදා 5.00 - 6.00

කාලීන වැඩසටහන්
විසම්මුතිය - දේශපාලන, පාරිසරික, සමාජමය, ආගමික සහ සාහිත්‍යමය සිදු වූ හා සිදු වෙමින් පවත්නා විවිධ සිදුවීම් පිළිබබද විද්වත් සාකච්ජා සහ මත විමසුම.

සංගීත වැඩසටහන්
පළාතේ නවක ගායක, ගායිකාවන්ට අතහිත දෙන ගී රිද්ම රටා සෑම ඉරිදා දිනකම
පළාතේ ආධුනික නිර්මානකරුවන්, නවක ගායක ගායිකාවන් ලොවට හªන්වා දෙන තරුමිතුරු මුතු අහුර
ග‍්‍රාමීය ජනතාවගේ කවි, ගීත, ජනකතා ආදී ජනශ‍්‍රැතිය ආශී‍්‍රත නිර්මාණ සදහා ජනසංගායනා
අසන්නෙක් තෝරන ගී සෑම දිනකම

කාන්තා වැඩසටහන්
සෑම දිනකම සවස 3.00 - 4.00

මීට අමතරව තවත් සුවිශේෂි වූ කී‍්‍රඩා, නාට්‍ය, සංගීතය ආදී වැඩසටහන් මෙහි විකාශනය කරනු ලැෙබි. මෙම වැඩසටහන් සියල්ලම දෙමළ මාධ්‍යයෙන්ද ඒ ආකාරයෙන්ම විකාශනය වේ.

 

 
අප්‍රේල් 2025
බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3